මොකක්ද මේ සීපා?

CEPA (Comprehensive Economic Partership Agreement ) යන්නෙහි සිංහල අනුවාදය ‘විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම’ යන්නයි. මෙය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බොහෝ කාලයක සිට විටින් විට  සාකච්චාවට ගැනුණු හා දැඩි මත භේදයට තුඩු දුන් ද්වී පාර්ශවික වෙළෙඳ ගිවිසුමකි.

CEPA ලෙස මෙතෙක් කල් හැඳින්වුනු මෙයට මෑතකදී මතුවුණු විරෝධය හමුවේ එය ක්‍රියාත්මක නොකරන බවට ප්‍රකාශයට පත් විය.  ඒ වෙනුවට දැන් ETCA (Indo-Sri Lanka Economic and Technology Cooperative Agreement ) ලෙස නම වෙනස් කල ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුමක් ඉදිරිපත් කොට තිබුනත් එහි මූලික සැකිල්ල (frameword) හා අන්තර්ගතය CEPA හි තිබු අන්තර්ගතයම වේ.

ETCA ගිවිසුම සිව් වැදෑරුම්ය.

දෙරට අතර

1) භාණ්ඩ වෙළඳාම ලිහිල්කරණය

2)සේවා වෙළඳාම ලිහිල්කරණය

3) ආයෝජන අවස්ථා ලිහිල්කරණය

4) දෙරට අතර පුද්ගලයන්ගේ නිදහස් සංක්‍රමණය

 ඇත්තටම ETCA අපේ රටට වාසිදායකද නැද්ද?

ඉන්දියාව සමග ETCA ගිවිසුමට එළඹීමෙන් ලංකාවට අත්වෙන වාසි ලෙස වගකිවයුතු දේශපාලකයන් හා නිලධාරීන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ජනතාවට ප්‍රකාශ කොට සිටින්නේ

  1. ඉන්දියානුවන්ගේ විශේෂඥ දැනුම අප රටේ සංවර්ධනයට ප්‍රයෝජනයට ගත හැකි වීම
  2. විශාල ආර්ථික විභවයක් ඇති ඉන්දියානු වෙළඳපොල ලංකාවට විවෘත වීම
  3. අප රටේ ශ්‍රමිකයන්ට ඉන්දීය ශ්‍රම වෙළෙඳපොල විවෘත වීම

ඒවා එකින් එක අප සලකා බලමු.

  • ඉන්දීය හෝ බටහිර හෝ චීන හෝ ඕනෑම රටක විශේෂඥ දැනුම අප දැනටමත් ලබාගන්නෙමු. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිට entertainment industry දක්වා පැතිරුනු පුළුල් පරාසයක් තුල අවශ්‍ය තාක්ෂණික දැනුම හා විශේෂඥ ඥානය අප රට තුලින් සොයාගැනීමට නොහැකි නම් අවශ්‍යතාවය අනුව ඒවා විදේශයන්ගෙන් කිසිදු බාධාවකින් තොරව අප අදටත් ලබාගන්නෙමු. විදේශීය විශේෂඥයන් (foreign consultants) ලෙස අප රටට නොයෙක් විදෙශීයයන් පැමිණ සේවය සපයන්නේ මෙලෙසය. එසේ නම් මේ කියන විශේෂඥ දැනුම ලබාගැනීමට කියා ඉන්දියාව සමග වෙනම ගිවිසුම් වලට එළඹීමේ අවශ්‍යතාවක් අපට මතු නොවේ.
  • ඉන්දියාවේ විශාල ජනගහනය (විශාල වෙළඳපොල ලෙස අර්ථ දක්වන්නේ මෙයයි) නිසා අපට යම් වාසියක් අත්වී ඇතිදැයි අප බලමු. මීට පෙර ඉන්දියාව සමග අත්සන් තබන ලද ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISLFTA) නිසා අප හට ඉන්දියාවේ මෙම ‘විශාල වෙළඳපොල’ සැබවින්ම විවර වුයේ දැයි අප බලමු.

ඔබ හට පැහැදිලිවම පෙනෙන කරුණ නම් මෙම ISLFTA ගිවිසුමෙන් පසු අප ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ ඉතා සීග්‍රයෙන් (exponentially)  වැඩි වී ඇතත් අප ඉන්දියාවට සිදුකරනු ලබන අපනයන ආසන්න වශයෙන් එම තත්ත්වයේම පවතින බවය.

(සැ. යු. – 2009 වසරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු සිදුවූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය [diplomatic crisis] හේතුවෙන් ඉන්දියාවෙන් සිදු කල ආනයන වල සීග්‍ර පහත වැටීමක් සිදුවී ඇති බව නිරීක්ෂණය කරන්න).

ඉන්දියාව සමග පැරණි ගිවිසුම් වලින්වත් අප රටට සිදුවූ වාසියක් නැති විටෙක ඒවා නිවැරදි කරනවා වෙනුවට ඉන්දියාවේ ‘විශාල වෙළෙඳපොල’ ගැන මෙනෙහි කරමින් තවත් ගිවිසුම් වලට එළඹීම ඵලදායකද? තීරණය බුද්ධිමත් ඔබට භාරයි.

  • අප රටේ ශ්‍රමිකයට ඉන්දීය වෙළෙඳපොල විවෘත වන්නේද? ලංකාවේ වයස අවුරුදු 16ත් 30ත් අතර රැකියා වියුක්තිය යන්තම් ලක්ෂ 3 ක් පමණි (304,500). එහෙත් ඉන්දියාවේ රැකියා වියුක්තිය ලක්ෂ 152කි. (15,200,000). ඔවුන් තරම් රැකියා වියුක්තියෙන් පෙලෙන තවත් රාජ්‍යයක් නැති තරම්ය. ඔවුන්ගේ ජනතාවට වත් රක්ෂා නැති විටෙක ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් හට ඔවුන් රක්ෂා ලබාදේ යයි සිතීම පෙර පාසල් මට්ටමටත් වඩා පහලට ගිය සැබෑ මන්ද බුද්ධික බවේ ලක්ෂණයක් යයි කිවහොත් නිවැරදිය. තවද ඉන්දියානු භූමිය තුල විදේශිකයන් හට රැකියා ලබා දීම සම්බධයෙන් වන නීති රීති ඉතා තදය. යම් විදේශිකයකුගේ සේවය ඉන්දියානුවන් විසින් ලබාගන්නේ නම් සේවා දායකයා විසින් පළමුවෙන්ම කල යුතු වන්නේ එම සේවය ඉන්දියාව තුලින්ම ලබාගැනීමට නොහැකි ආකාරයේ සේවයක් බව ඉන්දීය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒත්තු ගැන්වීමය. ඉන්දියාවේ සොයාගත නොහැකි එහෙත් ලංකාවේ තිබෙන සේවය කුමක්දැයි අප ඔවුන්ගෙන් අසන්නෙමු. එහෙත් ඛේදනීය කරුණ නම් ඉන්දියාව තුල විදේශිකයන්ගේ රැකියා නියුක්තිය සම්බන්ධයෙන් ඉතා ශක්තිමත් රාජ්‍ය හා ප්‍රාන්ත නීති පද්ධතියක් පැවතියත් ලංකාව තුල එවන්නක් නැති වීමය. එනම් අපට ඉන්දියාවට රැකියා සඳහා යාමට නොහැකි වුවත් රැකියා විරහිත ඉන්දීයයන්ට බුරුතු පිටින් ලංකාවට පැමිණීමට මෙමගින් දොර විවර වන වේ.

මේ කරුණු සලකා බැලීමේදී අපට සාක්ෂාත් වන දෙය නම්, ETCA ගිවිසුමට එළඹීමෙන් ලංකාවට අත්වෙන වාසි යයි ගෙනහැර දැක්වීමට යන දේ පදනම් විරහිත ප්‍රබන්ධයක් පමණක් වන බවය. එනම් ETCA ගැසීමෙන් අපට ලැබෙන දෙයක් නැත. මෙයට පක්ෂව අදහස් දක්වන දේශපාලකයන් හා නිලධාරීන්  ETCA හි වාසි යයි ආවාට ගියාට (vaguely) හඳුන්වන කරුණු ගැඹුරින් ප්‍රශ්න කිරීමේදී එහි ඇති අතාර්කික බව ඔවුන්ටද වැටහී නිරුත්තර වන බව අප අධ්‍යයනය කොට ඇත. මෙලෙස කිසිදු තාර්කික පදනමක් හෝ අප රටට වාසියක් අත් නොවන දෙයක් කිරීමට වෙර දරන්නේ එය කිසියම් බලවතකු විසින් අපගේ පාලකයන්ගේ උගුරෙන් පහලට බලෙන්ම තල්ලු කරන නිසා බව තේරුම් ගැනීමට ගණදෙවි නුවනක් අවශ්‍ය නොවන බව අපගේ හන්ගීමයි.

තවද ජනජීවිතයට මෙවැනි අති විශාල බලපෑමක් සිදුවන ගිවිසුඅකට එළඹීමට මත්තෙන් සිදුකල යුතු වන්නේ සමාජයේ විද්වතුන්, විශේෂඥයන්, සාමාන්‍ය ජනතාව මෙන්ම ආගමික නායකයන්ද සම්බන්ධ කරගෙන පුළුල් කතිකාවක් ගොඩනැගීමය. විවධ ස්තර වල අදහස්, යෝජනා හා විරෝධතා සලකා බලා සැමට ගැලපෙන වඩා සාධාරණ හා වාසිසහගත ගිවිසුමකට එළඹිය හැකි වන්නේ එවිටය. එය කිසිසේත්ම හදිසියේ සිදුවිය යුත්තක් නොවන අතර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුය. විනිවිදභාවය (Transparency) හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදේ සවස දේශනා කල උදවිය එලි වන විට පැදුරටත් හොරා ‘එට්කා’ කැන්දාගෙන ඒමට සැරසීම සැබවින්ම සැක උපදවන සුළු බව දැන් දැන් ජනතාවට ඒත්තු යමින් පවතියි. අනවශ්‍ය අර්බුද මවා පා සියල්ලන්ගේම ඇස් වලට වැලි ගසා පෙබරවාරි මාසයේ ETCA හි මූලික සැකිල්ලත්, මැයි මාසයේදී සම්පූර්ණ ගිවිසුමත් අත්සන් කිරීමට තරම් ඇති කඩි කුලප්පුව කුමක්දැයි අප ප්‍රශ්න කර සිටින්නේ එහෙයිනි.

ETCA ගිවිසුමට එළඹීමෙන් අප රටට සිදුවන අහිතකර බලපෑම්

  • කිසිදු විශේෂ කිරීමකින් හෝ නිසි නියාමනයකින් තොරව ඕනෑම නිපුනතා මට්ටමක (skill level) සිටින ඉන්දීය ශ්‍රමිකයන්ට ලංකාවේ දොරගුළු විවර වීමෙන් අප රටේ ජනතාවට ලැබිය යුතු රැකියා හා ආදායම් මාර්ග ඉන්දියානුවන් අතට පත්වීම. මෙය කෙතරම් භයානක තත්වයක්ද යත් රැකියා විරහිත ඉන්දියානුවන් ඉතා අඩු වැටුපට ඔවුන්ගේ සේවා සැපයීම හේතුවෙන් කෙටි කලක් තුලදී ඔවුනට පහසුවෙන්ම ලංකාවේ ශ්‍රම වෙළඳපොල සම්පූර්ණයෙන්ම පාහේ ආක්‍රමණය කල හැකි වේ. මෙය වෛද්‍යවරුන් ඉන්ජිනේරුවන්ට පමණක් නොව, ත්‍රිරෝද රථ රියදුරාගේ, කරනවාමියාගේ, මේසන් බාස්ගේ සිට නීතිඥයා දක්වා සියල්ලන්ටම අතිශයින් බලපාන විශාල සමාජ-ආර්ථික ව්‍යසනයක් වන බව වටහාගත යුතුය.

ETCA යටතේ රැකියා වෙළඳපොල විවෘත වන සේවාවන් වනුයේ

එනම් මෙම සියලුම සේවා වර්ග සඳහා ඉන්දියානුවන්ට මෙරටට පැමිණීමේ හැකියාව ලැබේ. ආරක්ෂක සේවා හැරුණු කොට මෙයට ඇතුලත් නොවන සේවා කාණ්ඩයක්  (job category) ඇත්නම් ඒ හදි-හූනියම් කැපීම වැන්නක් පමණි. කෙටියෙන් කියනවානම් සියලුම ආකාරයේ සේවාවන් සඳහා ඉන්දියානුවන් හට ලංකාව බන්දේසියේ තබා දීමක් යයි කිවහොත් නිවැරදි යයි සිතමු.

  • ETCA සමග ලංකාවට ඇදෙන ඇති විශාල ඉන්දීය ජනයා නිසා ලංකාවේ ජනවර්ග අතර හදිසියේ ඇතිවන බලවත් අසමතුලිතතාව. මෙය සමාජීය මට්ටමෙන් අති විශාල ප්‍රශ්න රාශියකට අත වනනු නොඅනුමානය.
  • රැකියාවට පැමිණෙන ඉන්දීයයන් මෙරට සුළු කලක් සේවය කල පසු ඔවුනට ශ්‍රී ලාංකීයයන් හට ලැබෙන සියලු වරප්‍රසාද නොඅඩුව ලැබීම. උදා -චන්ද අයිතිය සහ මෙරට නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට ඇති අයිතිය. එවිට අපගේ බදු මුදල් වලින් ඵල නෙලන්නේ කොහෙවත් සිටින ඉදියානුවෙකි. තවද මෙමගින් මෙතෙක් කලකට ලංකාවේ නොතිබූ අධික ජනගහන ප්‍රශ්නයකටද අපට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය.
  • මෙතෙක් කල් කොළඹ පැවතියේ දකුණු ආසියාවේ අලංකාරම අග නගරය ලෙසය. (ඒ සඳහා හිටපු නායකයන් කල සේවය අති මහත් බව කෘතවේදීව සිහිපත් කල යුතුය). MasterCard ආදී අන්තර්ජාතික ආයතන වලින් කල සමීක්ෂණ වලින් පවා කොළඹ වේගයෙන්ම දියුණු වන නගර අතර ප්‍රමුඛස්තානයට පත් වන්නේ එබැවිනි. අප සැම දන්නා පරිදි ඉනිදියානුවන් පොදුවේ ගත් කල ඉතා දුර්වල සනීපාරක්ෂක පුරුදු (poor sanitary habits ) ඇති ජන කොට්ටාසයක් වේ. මෙවැනි ඉන්දියානුවන් විශාල පිරිසකගේ ආගමනය නිසා Garden City ලෙස විරුදාවලි ලත් කොළඹ නගරයට අත්වන ඉරණම විස්තර කර දිය යුතු නොවේ.

මෙවැනි අතිශය හානිකර ද්වීපාර්ශවික ගිවිසුමකට ලංකාවට එළඹීමට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රට තුල සිදුවූ දේශපාලන පෙරලි වලට ඉන්දියාව ලබාදුන් සහයෝගයට අදාල කොන්දේසි ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති නිසා බව බුද්ධිමත් ඔබට දැන් වැටහී ඇති බව අප සිතන්නෙමු.

ශ්‍රී ලංකාව තුල ඉන්දියාවේ භූමිකාව කෙබඳුද? ඉන්දියාව අපේ පරම මිතුරාද?

ඇතැම් සුළු පිරිසක් වෙතින් අප දැක ඇති දෙයක් නම් ඉන්දියාව අපගේ කලාපීය මිතුරා බැවින් ඔවුන් අප හට නරකක් නොකරනු ඇති බවට ඇති විශ්වාසයයි. පාසල් වල පෙළ පොත් වලින් පවා අප ඔළු වලට පොවා ඇත්තේ ඉන්දියාව අනාදිමත් කාලයක සිට අපගේ පරම මිතුරා බවය. ලංකාවට බුද්ධාගම පැමිණියේ ජම්බුද්වීපයේ සිට නිසා අප වැඩිමහල් සහෝදරයකු (big brother) සමග මෙන් ගෞරවය මුසු හිතවත්කමක් ඉන්දියාව හා පවත්වාගත යුතු බවය.

අපගේ වැඩිමහල් සහෝදරයා අපට සහෝදර සෙනෙහස පාන්නේ පුදුමය දනවන ආකාරයටය. අප රට තිස් අවුරුද්දක් ආපස්සට ඇද දැමූ යුද්ධයේ පුරෝගාමී කොටි පෝතකයන් තමිල්නාඩු වනාන්තර තුල කිරි පොවමින් ලොකු මහත් මහත් කලේ අපගේ සහෝදර ඉන්දියාවය. ඒ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව රෝ ඔත්තු සේවය මගින්ය. ඉන්දියාව එසේ කරන්නේ තමිල්නාඩු වැසියන් වෙනම රාජ්‍යයක් ඉල්ලා මධ්‍යම රජයට එල්ල කරන පීඩනය ලංකාවට තල්ලු කොට අත සෝදා ගනීමටය. එවිට තමිල්නාඩුවන්ගේ වෙනම රාජ්‍යයක් සඳහා වන පොපියන ගාය හෙවත් ඇඟේ නටන මාළුන් ලංකාවේ ඊලම වෙනුවෙන් වැයකළ හැක. මෙසේ අපට බෝලය පාස් කල අපගේ වැඩිමහල් සහෝදරයා විටෙක අහසින් පරිප්පු දමයි. තවත් විටෙක සාම සාධක හමුදා එවයි. නෙලුම් කුලුන හා පොර්ට් සිටිය නවතා දමන ලෙස අපට වටිනා ඔවදන් දෙයි. අපට මාළු වැඩි යයි කියා වසරකට දින 84ක් ලංකාවේ මුහුදු කලාපයට නීත්‍යානුකූලව බුරුතු පිටින් කඩා වැදී අපගේ මාළු ටිකද බාගෙන යයි. අපට Hybrid ගන්නට එපා කියා 1000cc වලට අඩු වාහන වල බදු අඩු කරවා තව තව මරුටි ඇඟේ ගසයි.

 ලොකු අයියාගේ සෙනෙහස එතෙකින් නිමා වන්නේ නැත. රාම- රාවණාගේ කාලයේ සිටම පොඩි මල්ලිට කර ඇත්තේ අඩන්තේට්ටම් මය. මහා ප්‍රාඥ රාවනා සමග සීතා පැනගොස් හනුමා නැට්ට ගිනිතබාගෙන විත් රට වනසන ආකාරය රාමායනය තුලින් ලංකාවේ අපට පෙන්නද්දී, රාමා ට හුරේ දමමින් රස කර කර බැලුවෙමු. ඒවා බලා පාසල් ගොස් ඉන්දියාව අපගේ පරම මිතුරා යයි පෙළපොතේ කී විට එහෙයි එහෙයි කියමින් සිටියෙමු. අපට රජ කාලේ පටන් කෙනෙහිලිකම් කරමින් අපගේ රටට කල නොයෙක් අනවින සියල්ල නොසලකා හැර, ඉන්දියාව අපගේ පරම මිතුරා යයි අපට පොඩි කාලයේ සිට ඒත්තු ගන්වන්නේ අපගේ කොඳු නාරටිය බිඳ දැමීමට බව අපට පසක් නොවූයෙමු.

ඒ සියල්ල දැන් සිදුවී හමාරය. සූක්ෂම ලෙස ජන විඥ්ඥානය හැසිරවීමකින් පසුව අප අද අතිශය වැදගත් සන්ධි ස්ථානයකට පැමිණ සිටින්නෙමු. ETCA යනු එදා මෙදා තුර ශ්‍රී ලංකාව විදේශයකට බන්දේසියේ තබා පිළිගන්වන ඉතිහාසයේ අති විශාලම පාවා දීමයි. දැන් අප ටොයියන්, බයියන්, සිංහලේ, දෙමලේ ලෙස බෙදී ඇනකොටාගත්තා හොඳටම ඇතිය. මේ ගෙවෙන්නේ ස්වෛරී නිදහස් ශ්‍රී ලංකාවේ අවසන් සති කිහිපයයි. ඉන්දියාව අපට ගැසූ බෙදුම්වාදී ගැටය යන්තම් ලිහාගෙන ඉදිරියට යමින් තිබූ කාලයේ එය වෙනත් මුහුණවරකින් පැමිණ ඇත. මේ වනවිටත් ලියැවෙමින් පවතින්නේ ETCA නම් ආර්ථික ආක්‍රමණයේ කෙටුම්පතයි. මේ මොහොතේ ඔබ හමුවේ නොයෙක් නොයෙක් අර්බුද මවා පා අතිශය කාලීන ETCA පාවාදීම යටගැසීමට විවිධ වැඩපිළිවෙලවල් දියත් වේ. අවධානය වෙනතකට යොමා නොගන්න! සියලු ශ්‍රී ලාංකිකයින් නිද්‍රාශීලීව නොසිට එක් ප්‍රබල හඬකින් හඬගා කිව යුත්තේ ETCA වහා හකුලාගෙන අප ස්වෛරී නිවහල් භූමියෙන් කුමන්ත්‍රණකරුවන්ට වහා ඉවත් වන ලෙසය. මේ අපගේ අවසන් වාරයයි! අවදිවන්න! හඬ නගන්න!!!

This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment